දත්ත විෂහරණ කට්ටලය ගැන

Data Detox Kit හෙවත් දත්ත විෂහරණ කට්ටලය විසින් කරනු ලබන පැහැදිලි යෝජනා සහ ගනු ලබන ස්ථිර පියවර මගින් මහජනතාවට තම අන්තර්ජාල ජීවිතයේ සියලු පැතිකඩ පාලනය කරගන්නට පුළුවන්. ඔවුන්ට දැනුවත් තීරණ ගන්නටත්, තමන්ට ගැලපෙන අන්දමින් ඩිජිටල් පුරුදු වෙනස් කරගන්නටත් පුළුවන්.

සංවිධානවල, පන්ති කාමරවල සහ ලොව වටා පුස්තකාලවල එය භාවිතා වෙනවා. එය පිළිබඳ සටහන් කර තිබෙන මාධ්‍ය ආයතන අතර පහත දැක්වෙන ඒවාත් තිබෙනවා. Vogue, the BBC, සහ Forbes වර්ෂ 2017දී ග්ලාස් රූම් වෙනුවෙන් දියත් කරන ලද දිනයේ සිට දත්ත විෂහරණ කට්ටලය පුළුල් වෙමින්, සංවර්ධනය වෙමින් පවතිනවා. අලුත් අන්තර්ගතය පරීක්ෂා කරන්න. නවතම පිටපත් සඳහා Tactical Techවෙබ් අඩවිය බලන්න.


මුද්‍රණය සහ පුළුල් කිරීම

අප දත්ත විෂහරණ කට්ටලය භාෂා ගණනාවකට පරිවර්තනය කර තිබේ. සිංහල පරිවර්තනය කරනු ලැබුවේ අජිත් පැරකුම් ජයසිංහ විසිනි.

මෙහි PDF පිටපතක් ලබාගැනීමට කැමති නම්, මෙම ලිපිනයට ඊමේල් එකක් එවන්න. Safa at datadetox@tacticaltech.org. ඔබට අවශ්‍ය භාෂාව සහ ඔබ එය භාවිතා කිරීමට අදහස් කරන ස්ථානය සහ ආකාරය පිළිබඳ අදහස් ද දක්වන්න.

අමතර භාෂාවලට සහ භූගෝලීය කලාප වෙනුවෙන් දත්ත විෂහරණ කට්ටලය පරිවර්තනය කිරීමට කැමති පුද්ගලයන් ද අපි සොයමින් සිටිමු. ඔබ මෙය යම් භාෂාවකට පරිවර්තනය කිරීමට, උපුටාගැනීමට, සෝදුපත් කියවීමට හෝ අලුත් අදහස් හා අන්තර්ගතයන් එකතු කිරීමට හෝ කැමති නම්, පහත ලිපිනයට ඊමේල් එකක් එවන්න. Safa at datadetox@tacticaltech.org!


ටැක්ටිකල් ටෙක් (Tactical Tech) පිළිබඳ

Tactical Tech යනු බර්ලිනය පදනම් කරගෙන ක්‍රියාත්මක සංවිධානයකි. එය තාක්ෂණය, මානව හිමිකම් සහ සිවිල් නිදහස යන ක්ෂේත්‍ර තුළ ක්‍රියාත්මක වෙනවා. අප පුහුණු කිරීම්, පර්යේෂණ සහ සංස්කෘතික මැදිහත්වීම් කරන අතර එමගින් ඩිජිටල් ආරක්ෂාව, පෞද්ගලිකත්වය සහ දත්ත සම්බන්ධ ආචාර ධර්ම පිළිබඳ පුළුල් සමාජ දේශපාලන සංවාදයට දායක වෙනවා.

tacticaltech.org
@info_activism
facebook.com/tactical.tech
email: ttc@tacticaltech.org

ප්‍රණාමය සහ බලපත්‍ර

සංකල්පය සහ අන්තර්ගතය: Tactical Tech
සැලැස්ම: Corinna Hingelbaum සහ Yiorgos Bagakis
රූප සටහන්: Alessandro Cripsta
සිංහල පරිවර්තනය: අජිත් පැරකුම් ජයසිංහ, සංස්කාරක, Praja.lk

Data Detox Kit යථාර්ථයක් බවට පත් වූයේ
SIDA logo
සහ Tactical Tech ආයතනයේ වෙනත් ආධාරකරුවන්ට ස්තුති වන්නට ය.

ආරම්භක ආධාරකරු (2017-2020): මොසිල්ලා පදනම

CC BY-NC-ND 4.0 මෙම දත්ත විෂහරණ කට්ටලය සඳහා බලපත්‍රය වන්නේ Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International license.

දත්ත පරිහරණ ප්‍රතිපත්තිය

දත්ත පරිහරණ ප්‍රතිපත්තිය Data Use Policy සඳහා කියවන්න.

ඔබේ DATA DETOX සමග වැඩ අරඹන්න!


අවසන් වරට යාවත්කාලීන කළේ: 9/20/2021